Monday, September 22, 2025
Follow Us
දුම්රිය මැදිරි නිෂ්පාදනය දේශීයව

ආනයන වියදම අඩුකර විදේශ ණය ප්‍රමාණයද අඩු කිරීම අරමුණ කරගනිමිම්; පෞද්ගලික අංශයේ ද සහයෝගය මත දුම්රිය මැදිරි 100ක් දේශීයව නිෂ්පාදනය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සූදානම් වෙයි.

දුම්රිය මැදිරියක් ආනයනය කිරීමේ වියදම රුපියල් මිලියන 85ක් වන අතර දේශීයව නිෂ්පාදනය කිරීමේදී වැයවන මුදල රුපියල් මිලියන 47ක් බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

දුම්රිය සේවය සඳහා අවශ්‍ය මගී මැදිරි 700ක් පමණ වන බව අමාත්‍යාංශය ගණන් බලා ඇත. ඉදිරි වසර පහ ඇතුළතදී මැදිරි අවශ්‍යතාවය 800ක් බව ප්‍රවාහන අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.

(Lanka Leads)