Monday, February 09, 2026
Follow Us
2020 ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සිසුන් ඇතුළත් කර ගැනීම මසකින් කල්යයි

2020 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීම මසකින් කල් දමන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ කඩඉම් ලකුණු ඉහළ දමා ඇති බවට ලැබී ඇති පැමිණිලි සළකා මෙම තීරණය ගත් බවයි.

ශිෂ්‍යත්ව විභාගයෙන් සිසු සිසුවියන් ඇතුළත් කර ගැනීම තවදුරටත් වැඩි කිරීම සදහා අවධානයම යොමු කිරීමට මෙන්ම ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බවද මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

(Aruna)