මෙරට භාවිතයට ගැණෙන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ද ඉහළ නංවන ලෙස ගෑස් සමාගම් ඉල්ලීමක් කර තිබේ.
වර්තමානයේ පවතින තත්ත්වය තුළ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර මෙරට භාවිතයට ගැණෙන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ද ඉහළ නංවන ලෙස එම සමාගම් පෙන්වාදෙයි.
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මේ වන විට මෙරට තුළ අලෙවි කරනු ලබන්නේ රුපියල් 1,493කට වන අතර එය අවම වශයෙන් රුපියල් 1,900 දක්වා හෝ වැඩි කළ යුතු බව එම සමාගම් සඳහන් කර තිබේ.
වර්තමානය වන විට මෙරටට ගෑස් ආනයනය කරනු ලබන්නේ සෞදි අරම්කෝ මිල දර්ශකයට වන අතර අද(01) දිනයේ සිට ප්‍රොපේන් මෙට්‍රික් ටොන් එකක මිල අමෙරිකානු ඩොලර් 605 ක් දක්වා ඉහළ දමා ඇති බව සඳහන් වේ.
(Aruna)