Monday, March 30, 2026
Follow Us
දුටු තැන යාචකයන් අල්ල ගන්නා මෙහෙයුමක්

කොළඹ කොටුව, මරදාන දුම්රිය ස්ථානවලත් ඒ ආශ්‍රිත ප්‍රදේශවලත් සැරිසරන යාචකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ඊයේ (31 වැනිදා) සිට ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවැසීය.

කොවිඩ් -19 වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්, වෘත්තීය වශයෙන් යාචකයන් ලෙස කටයුතු කරන පුද්ගලයන් මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවැසීය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගෙන් ලැබුණු පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව අදාළ මෙහෙයුම ක්‍රියාත්මක කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවැසීය.

(Aruna)