Monday, September 22, 2025
Follow Us
කොළඹ තවත් ප්‍රදේශ 05ක් හුදෙකලා තත්ත්වයෙන් නිදහස්

කොළඹ තවත් ප්‍රදේශ 05ක හුදෙකලා තත්ත්වය අළුයම 05 සිට ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නාරාහේන්පිට පොලිස් වසමේ 100 වත්ත සහ පෑලියගොඩ පොලිස් වසමේ ගඟ බඩ ග්‍රාම නිලධාරී වසමේ 90 වත්ත යන ප්‍රදේශද අළුයම 05සිට හුදෙකලා තත්ත්වයෙන් මුදා හරිනු ඇති. වරාය පොලිස් වසමේ පහළ ශාන්ත ඇන්ඩෲස් පෙදෙස, ඉහළ ශාන්ත ඇන්ඩෲස් පෙදෙස හා ඇන්ඩෲස් පාර ද හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කරන බවද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

මේ අතර ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතරින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කැපී පෙනෙන තත්ත්වයක් පෙන්නුම් කර තිබෙනවා. ඒ, කුරුණෑගල දිස්ත්‍රිකක්යෙන් ආසාදිතයින් 108 දෙනෙකු වාර්තා වීමත් සමගයි. කුරුණෑගල දිස්ත්‍රිකක්යෙන් ආසාදිතයින් 100 දෙනෙකුට වැඩි පිරිසක් වාර්තා වු පළමු අවස්ථාව මෙය වනවා.

(Neth)