Monday, February 09, 2026
Follow Us
පොලිසියටත් අද සිට කොවිඩ් එන්නත

කොවිඩ් මර්දන රාජකාරීවල නියුතු පොලිස් නිලධාරීන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීමේ වැඩසටහන අද ආරම්භ වනවා. ඒ, නාරාහේන්පිට පොලිස් රෝහලේදීයි. මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන ආරම්භ කෙරෙන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ. මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරුණේ පෙරේදා දිනයේදීයි.

ඒ අනුව දින 02 ක් තුළදී පුද්ගලයින් 37,825 දෙනෙකුට කොවිඩ් 19 මර්දන එන්නත ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. ඊයේ දිනය තුළ පුද්ගලයින් 32,539 දෙනෙකුටත් වැඩසටහන ආරම්භ වූ පළමු දිනයේදී පුද්ගලයින් 5,286 දෙනෙකුටත් කොවිඩ් මර්දන එන්නත ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)