Monday, February 09, 2026
Follow Us
වලපනේ භූකම්පනයක්

නුවරඑළිය, වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව අද (31) උදෑසන භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා. මෙම භූකම්පනය වලපනේ, ඇකිරිය ප්‍රදේශයේ ජනතාවට දැනී ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූකම්පන මාපක වල ඇතිවූ මෙම කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 2ක් ලෙස සටහන් ව තිබු බවයි එම කාර්යාංශයේ නිලධාරියෙකු සඳහන් කළේ.

මෙම භූකම්පනය අද අළුයම 2.59 ට සිදුවු බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කලේ.

(Neth)