2020 පෙබරවාරි මාසයේදී පැවැත්වූ රාජ්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගයේ ප්‍රතිඵල රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කළ බවත් තෝරා ගැනීම්වලින් අනතුරුව විභාග ප්‍රතිඵල අපේක්ෂකයින්ට නිකුත් කරන බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කරයි.
මේ අතර රාජ්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල හා ශ්‍රි ලංකා ගණකාධිකාරී සේවයට බඳවා ගැනීමේ විවෘත හා සීමිත තරඟ විභාගවල ප්‍රතිඵල ද කඩිනමින් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.
(Lanka Leads)