Monday, February 09, 2026
Follow Us
නැගෙනහිර ජැටිය සුරැකීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වඩාත් දැඩිවෙමින් ඉදිරියට

මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ පූර්ණ ආශීර්වාදය සමග කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීම සඳහා අද සිට ක්‍රියාත්,අක කර ඇති නව සටන් ව්‍යාපාරය අනුව නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවට අයත් වරාය අධිකාරියේ සියලූම වෘත්තීය සමිති ඒකාබද්ධව අකුරට වැඩකිරීමේ සටන් ක්‍රියාමාර්ගය මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.

මේ සඳහා මල්වතු පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් මෙන්ම එම පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය නියංගොඩ සිරි විජිත සිරි හිමියන්, අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් සහ ගැටඹේ රාජෝපනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරි විමල හිමියන් ඇතුළු මහා සංඝරත්නය ආශීර්වාද ලබාදී තිබේ.

නැගෙනහිර ජැටිය සුරැකීමේ වෘත්තීය සමිති නියෝජිතයන් ඊයේ (28) දින එම නාහිමිවරුන් හමුවූ අවස්ථාවේ එම ආශීර්වාදය පිරිනැමූහ.

(Lanka LEads)