Monday, February 09, 2026
Follow Us
වරාය වෘත්තීය සමිති අද මධ්‍යහ්න 12 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

වරාය වෘත්තීය සමිති අද මධ්‍යහ්න 12 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබෙනවා. ඒ, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට රජය මෙතෙක් ස්ථිර විසදුමක් ලබානොදීම හේතුවෙන්.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම්, නිරෝෂන් ගොරකානගේ.

අද මධ්‍යහ්න 12 ට කොළඹ වරායේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසලට වරාය සේවකයින් රැස්වීමෙන් අනතුරුව ගනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ගය ප්‍රකාශයට පත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

වරාය වෘත්තීය සමිති මෙම අර්බුදය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් දැනුවත් කළා.

(Neth)