Monday, September 22, 2025
Follow Us
කොවිඩ් ප්‍රථම එන්නත කොළඹ අයි.ඩී.එච්. රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයකුට

කොවිඩ් මර්දන ප්‍රථම එන්නත කොළඹ අයි.ඩී.එච්. රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයකුට අද (29) දින පෙරවරු 8.30ට ලබා දෙන බවත් අයි.ඩී.එච්. රෝහලට අමතරව කොළඹ ජාතික රෝහල, නැගෙනහිර කොළඹ රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, හෝමාගම මූලික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල (රාගම රෝහල) යන රෝහල් වලදී මෙම එන්නත ලබා දීමට සැලසුම් කර ඇති බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැති සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

එසේම දළ වශයෙන් රෝහල්වල මුළු කාර්ය මණ්ඩලයෙන් සියයට 25කට පමණ එක් දිනකදී එන්නත් කිරීම කර දින 5ක් ඇතුළත එන්නත් කිරීම සිදුකර අවසන් කරන බවත් අනෙකුත් දිස්ත්‍රික්කවල ඖෂධ ගබඩාවලට එන්නත බෙදාහැරීම අවසන් වූ පසු එම රෝහල් තුළද එන්නත් කිරීම සිදුකරන බවත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

(Lanka Leads)