Monday, September 22, 2025
Follow Us
නිදහස් උළෙල හේතුවෙන් වාහන ගමනාගමනය සීමා කෙරේ

73වන නිදහස් දින උළෙල පෙබරවාරි 04 වනදා කොළඹ නිදහස් චතුරශ්‍රය ආශ්‍රිතව පැවැත්වීමට නියමිතය.

ඊට අදාළ පෙරහුරු ජනවාරි 30 සහ 31ත් පෙබරවාරි 1,2,3 යන දිනයන් හිදී නිදහස් චතුරශ්‍රය ආශ්‍රිතව පැවැත්වේ.

පෙරහුරු පැවැත්වෙන දිනයන් හි උදෑසන 6.00 සිට දහවල් 1.00 දක්වා කාලය තුළත් සැමරුම පැවැත්වෙන 4වනදා උදෑසන 4.00 සිට දහවල් 1.00 දක්වා කාලය තුළත් කොළඹ නිදහස් චතුරශ්‍රය, නිදහස් මාවත සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ සම්බන්ධ විකල්ප මාර්ග අදාළ ස්ථානවල රැඳී සිටින පොලිස් නිලධාරීන් විසින් පෙන්වා දෙනු ඇති බවත් විකල්ප මාර්ග පිළිබඳ පුවරු ද මාර්ගවල තබා ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

බොරැල්ල දෙස සිට නෙළුම් පොකුණ වටරවුම දෙසට ගමන් කරන වාහන හෝර්ටන් පෙදෙස දෙසට පැමිණ විජේරාම මාවත ඔස්සේ වෝඩ් පෙදෙස දෙසට ගමන් කළ යුතු වේ. පිටවන වාහනද ඒ ඔස්සේ ගමන් කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

(Aruna)