Thursday, April 25, 2024
Follow Us
රාජගිරියේ සබීතා බිල්ඩිමට කෝටි දෙකේ මාසික කුළිය දිගටම ගෙවයි

රජයේ විගණන කාර්යාලයේ නිලධාරීන් හෙළි කර සිටින්නේ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතළු රාජ්‍ය ආයතන හාරසියයක් පමණ තිබෙන අතර ඉන් භාගයට භාගයක්ම පවත්වාගෙන යන්නේ කුලී පදනම මත පෞද්ගලික ගොඩනැගිලි වල බවත් එයට අමතරව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතළු රාජ්‍ය ආයතන හාරසියයට අමතරව ප්‍රාදේශීය කාර්යාල ද මෙලෙස පෞද්ගලික ගොඩනැගිලි වල පවත්වාගෙන යමින් කුලිය වසහයෙන් කෝටි ගණනින් මුදල් ගෙවන බවයි.

ඉකුත් යහපාලන කාලසීමාවේදී කැබිනට් අනුමැතියට අනුව රාජගිරිය ප්‍රදේශයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලට මසකට රුපියල් දෙකෝටි දසලක්ෂයක මුදලක් කුලී වශයෙන් ගෙවා තිබුණ අතර වත්මන් පාලනය යටතේ ද එම ගොඩනැගිල්ලෙන් කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය ඉවත් කලත් මසකට ගෙවිය යුතු කුලී මුදල දිගටම ගෙවා දමන බව විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු හෙළිකරති.

මේ වනවිට විශේෂ සොයා බැලීමක් ද ආරම්භ කර ඇතැයි සඳහන් කරන ඔවුහු මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් සකසා ජනාධිපතිවරයා වෙත යොමුකිරීමට විගණන නිලධාරීන් පිරිසක් කටයුතු ආරම්භ කර ඇති බවද ප්‍රකාශ කරයි.

(Lanka Leads)