Monday, September 22, 2025
Follow Us
සංක්‍රමණික සේවකයින් මෙරටට ගෙන්වා ගැනීමට  විදේශ රැකියා කාර්යාංශය සතුව ඇති අරමුදල් භාවිතා කරන්න - කෝප්

COVID - 19 ව්‍යසනයෙන් පීඩාවට පත් සංක්‍රමණික සේවකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය සතුව ඇති අරමුදල් භාවිතා කරන ලෙස රාජ්‍ය ව්‍යවසාය කාරක සභාව (කෝප්) ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයට (SLBFE ) උපදෙස් දී තිබේ.

විදේශ රැකියා කාර්යාංශයේ වර්තමාන වත්කම් වන රු. බිලියන 14 කි.

ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති විදේශීය ශ්‍රමිකයන් ඔවුන්ගේ අරමුදල් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වා ගැනීමට කිසිදු බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයේ සභාපති කෝප් කමිටුව වෙත දැනුම් දුන්නේය.

මෑතකදී පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති කෝප් රැස්වීමකදී මේ බව අනාවරණය විය.

මැදපෙරදිග තෙල් මිල පහත වැටීම හා COVID - 19 ව්‍යසනය හේතුවෙන් රැකියා අහිමිවූ කම්කරුවන් 34,721 ක් ඔවුන් නැවත මෙරටට ගෙන්වා ගන්නා ලෙස දැනටමත් විදේශ රැකියා කාර්යාංශයෙන් ඉල්ලා ඇති බවද මේ අවස්ථාවේ අනාවරණය විය.

(LIN)