Monday, September 22, 2025
Follow Us
බේකරි නිෂ්පාදනවල මිලත් ඉහලට

පාන් ඇතුළු බේකරි ආශ්‍රිත නිෂ්පාදනවල මිල ලබන මස සිට ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී එහි සභාපති එන් කේ ජයවර්ධන කියාසිටියේ සිය නිෂ්පාදනවලට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල මෙලස ඉහල නැංවීමට තීරණය කළ බවයි.

බේකරි නිෂ්පාදන සදහා යොදාගන්නා ඔයිල්වලට පනවා ඇති බදු මුදල් අඩු කිරීමට රජය කටයුතු කළහොත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාම වළක්වා ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

(Neth)