Monday, September 22, 2025
Follow Us
කොවිඩ් නව ප්‍රභේදය ගැන ජනතාව කඩිනමින් දැනුවත් කරන්න

මෙරටින් සොයාගත් කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය සම්බන්ධයෙන් මහජනතාව කඩිනමින් දැනුවත් කිරීමට උපක්‍රම සැකසිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළේ නව ප්‍රභේදය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ඉතා ප්‍රමාද බවයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් විසින් සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කර තිබුණද බලධාරීන් විසින් කිසිදු පියවරක් ගෙන නොමැති බව වෛද්‍යවරය පෙන්වා දෙයි.

නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයෙකුගෙන් නව කොවිඩ් ප්‍රභේදය හමුවූ නිසා මෙරට තුළ කෙතරම් දුරට නව ප්‍රභේදය ව්‍යාප්ත වී තිබෙද යන්න කඩිනමින් අනාවරණය කරගත යුතුව ඇතැයි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා එහිදී සදහන් කළේය.

එමෙන්ම මාසයක් පමණ පසු වී ඒ පිළිබදව පියවර ගැනීමෙන් ඵලක් නොවන බවත් ඒ වන විට එය පාලනයෙන් ගිලිහී යා හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

එන්නත ලබාදුන්නද මෙම නව ප්‍රභේදය එයින් පාලනය කිරීමට හැකිද යන්න සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවද වෛද්‍යවරයා අවධානය කරයි.

(Aruna)