Tuesday, February 10, 2026
Follow Us
මන්ත්‍රීලා කැමති නම් ඇන්ටිජන් ලෑස්තියි

පාර්ලිමේන්තු සභාවාර පැවැත්වෙන දිනයන් හි මන්ත්‍රීවරුන්ට ක්ෂණික ප්‍රතිදේහ ජනක (ඇන්ටිජන්) පරීක්ෂණ සිදුකිරීමට තීරණය කර ඇත.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ මන්ත්‍රීවරුන් කැමැති නම් පමණක් එම පරීක්ෂණවලට සහභාගි විය හැකි බවයි.

ඒ අනුව ජංගම පරීක්ෂණ රථයක් පාර්ලිමේන්තු පරිශ්‍රයට කැදවා ඇන්ටිජන් පරීක්ෂණ කිරීමට යෝජනා කර ඇත.

මන්ත්‍රීවරුන්ගේ හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආරක්ෂක සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

(Aruna)