Thursday, March 28, 2024
Follow Us
වේගවත් ව්‍යාප්තියක් සහිත නව කොවිඩ් ප්‍රභේදයක් ලංකාවෙන් සොයා ගැනේ

විදෙස් රටවල් කිහිපයක පැතිර යන වේගවත් ව්‍යාප්තියක් සහිත නව කොරෝනා වෛරස් ප්‍රභේදයක දිගුවක් ශ්‍රී ලංකාව තුළින් ද හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

නිරෝධායන මධ්‍යස්ථානයකින් ලද වෛරස් සාම්පල් දෙකක් මගින් මෙම නව වෛරස් කාණ්ඩය හඳුනා ගත් බවයි ආචාර්ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. එම පුද්ගලයා විදේශගතව සිට මෙරටට පැමිණි අයෙකු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එය ශ්‍රී ලංකාව තුළ මීට පෙර හඳුනාගත් වෛරස් ප්‍රභේදයට වඩා වෙනස් වන බවත් ස්වීඩනය, ජර්මනිය, ඩෙන්මාර්කය, අයිස්ලන්තය යන රටවල ව්‍යාප්ත වූ වෛරසයට සමාන ලක්ෂණ ඇති බවයි ඔහු ප්‍රකාශ කර සිටින්නේ.

මෙම වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ හැකියාව වැඩි බවත් මෙය මේ දිනවල බහුලවට කතාබහට ලක්වන එංගලන්ත හා දකුණු අප්‍රිකාවවල ව්‍යාප්ත වූ ප්‍රභේදයට වඩා වෙනස් බවද වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් කියා සිටිනවා.

"පොසිටිව් රෝගීන්ගේ සාම්පල් පසුගිය සති 2ක ඇතුළත ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පිහිටි අපගේ පර්යේෂණගාරයට ලැබී තිබුණා. එහිදී සිදුකල ජාන අනුක්‍රමණ පරීක්ෂණ වලින් අප ප්‍රධාන කරුණු දෙකක් හඳුනාගත්තා. එකක් තමයි අපේ දෙවෙනි රැල්ලේ එකකට එකක් සමාන නිසා සියයට සියයක් ශ්‍රී ලාංකාවට ආවේනික වූ lineage එකක් දැනට හඳුනාගෙන තිබෙනවා. ඒකට අපි කියනවා B1411. මේක සියයට සීයයක් ශ්‍රී ලංකන් lineage එකක්.

අනෙක් කරුණ තමයි එංගලන්තයේත් දකුණු අප්‍රිකාවේත් පැතිරි යන ප්‍රභේද දෙකම පසුගිය සතිවලින් හමුවුණේ නෑ. හැබැයි අපේ Sequencing වලදී තව අලුත් විශේෂිත වූ lineage එකක් හමුවෙලා තියෙනවා. ඒ කියන්නේ B.1.258 කියන එක. ඒකේ 69 යි 70 deletion එකක් තියෙනවා. ඊට අමතරව ඒකේ mutation එකක් හඳුන්වලා තියෙනවා N439K. මේ infection එක වේගයෙන් පැතිරීමේ හැකියාව තියෙනවා.

මේක ප්‍රධාන වශයෙන් දැනට වාර්තාවෙලා තියෙන්නේ එංගලන්තය, ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ස්විස්ටර්ලන්තය, ජර්මනිය කියන රටවල්වල. ඉතින් මේ lineage එකට සම්බන්ධ වූ රෝගීන් පසුගිය සතියේ අපිට වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම මොනොක්ලෝන ඇන්ටිබොඩිස්වලින් ඒක අහුවෙන්නේ නැතිව ඉවේඩ් වෙනවා කියලා. ඒ පිළිබඳව අපි වැඩිදුරටත් අධ්‍යයන කරගෙන යනවා. මේ පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් අරගෙන තියෙන නිසා ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගන්න අවශ්‍ය නෑ.

තාමත් මේ vaccine immunity එකට මේ Genetic mutation එකත් කිසිම බලපෑමක් නෑ කියන එක තමයි වාර්තා තියෙන්නේ. ඊළඟ පර්යේෂණ මට්ටම අපි ලබන සුමානේ පටන් ගන්නවා." යැයි ආචාර්ය චන්දිම ජිවන්දර ප්‍රකාශ කර සිටිනවා.

(NEth)