Monday, September 22, 2025
Follow Us
ගම්පහ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ කිහිපදෙනෙකුට කොවිඩ්

ගම්පහ දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ නිලධාරීන් 15 දෙනෙකු පමණ කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.

එම කාර්යාලයේ කිහිපදෙනෙකුට සැක සහිත රෝග ලක්ෂණ මතුවීම නිසා ඊයේ (25) ඔවුන් විසින් පෞද්ගලිකව PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරගෙන ඇති අතර එහි රතිඵල මත කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

කාර්යාලයේ සේවය කරන තවත් පිරිසකට උණ සහ සැක සහිත රෝග ලක්ෂණ ඇති බවට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට තොරතුරු ලැබීමෙන් පසු එම කාර්යාලයේ 100 දෙනෙකුට PCR පරීක්ෂණ සහ තවත් 31 දෙනෙකුට ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබේ.

ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළ පිරිසෙන් 10 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබෙන අතර PCR පරීක්ෂණ සිදුකළ පිරිසගේ ප්‍රතිඵල ලැබීමට නියමිත බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සුභාෂ සුභසිංහ මහතා පැවසීය.

පසුගිය දිනවල ගම්පහ දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ සේවා ලබාගැනීමට පැමිණි පිරිස් සිටීනම් ඔවුන් මේ සම්බන්ධව වැඩි අවධානයකින් පසුවිය යුතු බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.

(Aruna)