Tuesday, February 10, 2026
Follow Us
කොවිඩ් මරණ 4ක්

කොවිඩ් මරණ 4ක් ඊයේ (25) වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල ප්‍රදේශයේ පදිංචිව සිටි 49හැවිරිදි කාන්තාවක්, දැරණියගල ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි කාන්තාවක්, වරකාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 8 ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

මේ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 287කි.

(Aruna)