Tuesday, February 10, 2026
Follow Us
පස්සර ජාතික පාසලේ කොවිඩ් ආසාදිත සිසුන් සංඛ්‍යාව තවත් ඉහළට

පස්සර ජාතික පාසලේ කොරෝනා ආසාදනය වූ සිසුන් සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ බදුල්ල දිස්ත්‍රික් කමිටුව සදහන් කළේ එම ආසාදිත සිසුන් මේ වන විට ප්‍රතිකාර සදහා යොමු කර ඇති බවයි.

එම තත්ත්වය මත පාසලට අද (25) දිනයේ කිසිදු සිසුවෙක් පාසලට පැමිණ නොමැති බව එම කමිටුව සදහන් කරයි.

එමෙන්ම ගුරුවරුන්ගේ පැමිණීම ද පහළ මට්ටමක පවතී.

(Aruna)