Tuesday, February 10, 2026
Follow Us
නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත්කළ කමිටුව පස් වන වරටත් අද රැස්වේ!

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත්කළ කමිටුවේ සභාපති වරාය අමාත්‍යාංශ ලේකම් යු.ඩි.සී ජයලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුව අද (25) පස්වන වරටත් රැස්වීමට නියමිත බව වාර්තාවේ.

ජයලාල් මහතා පවසා සිටියේ, වරාය වෘත්තීය සමිති ඉදිරිපත් කළ යෝජනා මෙන්ම ජපානය සහ ඉන්දියාව සමග ඇති කරගත් අවබෝධතාවන්ට අදාළ යෝජනා අධ්‍යයනය කිරීමට නියමිත බවය.

එම අධ්‍යයනවලින් පසුව ඉදිරියේ දී කමිටුවේ වාර්තාව කැබිනට් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙන බවද ඒ මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

කොළඹ වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හත්දෙනෙකුගෙන් යුත් එම කමිටුව පත්කරනු ලැබීය.

(Lanka Leads)