Monday, September 22, 2025
Follow Us
විසඳුම් නොදුන්නොත් මාර්තු 08 සිට දිවයින පුරා අඛණ්ඩ බස් වර්ජනයක් ආරම්භ කරනවා - ගැමුණු

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මෙරට බස් රථ කර්මාන්තය මුහුණ පා ඇති ගැටළු වලට විසඳුම් ලබා නොදෙන්නේ නම් මාර්තු 08 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

"බැංකු වලින් සහන ලබාදුන්නේ මහා පරිමාණ බස් බලපත්‍ර ජාවාරම්කාරයෙක් වන, සිගරට් ඒජන්ට් කෙනෙකුට තමයි බිලියන ගාණක සහනයක් ලබාදුන්නේ. බරපතළ අර්බුදයක අපේ බස් කර්මාන්තකරුවන් ඉන්නවා, ඒ දේ බලන්නෙ නැතුව බැංකුවෙන් ණයක් දෙනවා. ඉතිං මෙවැනි තත්වයකට උද්ඝෝෂණ නෙවෙයි වර්ජන දාහක් කරන්න ඕනෙ හරිනම්.

අපි බලාපොරොත්තු වෙනවා මේ උද්ඝෝෂණ ව්‍යාපාරයෙන් අනතුරුව යම් ආකාරයකින් ඒකටත් ඇහුම්කන් නොදුන්නොත් අපි ලංකාව පුරාම බස් රථ 08 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් ධාවනයෙන් ඉවත් වෙන්න කටයුතු කරනවා. ඒක බොහෝදුරට යම් ආකාරයේ අඛණ්ඩ වැඩවර්ජනයක් වේවි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ගැමුණු විජේරත්න මහතා මේ බව පැවසුවේ ඒකාබද්ධ බස්‍ රථ හිමියන්ගේ සංගමය විසින් ඊයේ (24) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)