Tuesday, February 10, 2026
Follow Us
ආසාදිතයකුගෙන් පළමු දින දහයේදී බෝවනවා වැඩියි

කොවිඩ් ආසාදිතයකුගෙන් පළමු දින 10 තුළ වයිරසය පැතිරීමේ අවදානම ඉහළ බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

විෂය භාර ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පෙන්වා දෙන්නේ එම කාලය නිවැරදිව හඳුනාගෙන කටයුතු කළ යුතු බවත් එය හඳුනාගෙන පාලනය කිරීම සඳහා නව ක්‍රමවේදයක් සැකසිය යුතු බවත්ය.

එමෙන්ම රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයන් පළමු දින 10 ප්‍රතිකාර මධ්‍යස්ථානයක සහ ඉතිරි දින 4 නිවෙස් තුළ වෛද්‍ය පරීක්ෂණ යටතේ තැබීමට පියවර ගත යුතු බවද ඇමැතිවරිය සඳහන් කළාය.

එසේම පවත්නා කොවිඩ් පාලන උපාය මාර්ග තවදුරටත් සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වන බවද ඇය පවසයි.

(Aruna)