අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකරමහතාව අගරදගුරු නිල නිවසට ඊයේ (20 වැනිදා) පස්වරුවේ කැඳවා පාස්කු බෝම්බකරුවකු වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ්ගේ වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් දසදෙනා නිදහස් කළ ආකාරය පිළිබඳ කරුණු විමසීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.
එහිදී කාදිනල්ව තුමා මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකරට ඊබ්‍රාහිම්ගේ කම්හලේ සේවකයන් නිදහස් වීමත් සමග කතෝලික ප්‍රජාවට විමර්ශන ගැන කුකුසක් ඇතිව තිබෙන බවත් කතෝලික ප්‍රජාවට තමන් වහන්සේට මුහුණදිය නොහැකි තත්ත්වයක් උදාවන බවත් කාදිනල්තුමා මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකරට අවධාරණය කර ඇත.
මෙම සැකකරුවන් ගැන විමර්ශන කර නීතිපතිවරයාට යොමු කළ පසු නීතිපති උපදෙස් මත සැකකරුවන් නිදහස් කිරීමට අධිකරණය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක ඇමැතිවරයා මෙහිදී පෙන්වා දී ඇති බවද වාර්තාවේ.
තවද මෙම විමර්ශනවලදී සාක්ෂි නිසියාකාරව හසුරුවනවාද යන්න ගැන විමසිලිමත් වන්නැයි කාදිනල්තුමා ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තාවේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධව අන්තවාදීන් සමග සබඳකම් පැවැත්වූ චෝදනාවට අත්අඩංගුවට ගෙන සාක්ෂි නොමැතිව මුදාහරින්නන් සමාජගත කිරීමට පෙර නිසි අධීක්ෂණයකින් පුනරුත්ථාපනයට යොමු කරන ලෙසද කාදිනල්තුමා මෙහිදී ඉල්ලීමක් කර ඇත.
(Lanka Leads)