Monday, September 22, 2025
Follow Us
පෙබරවාරි 15 වනවිට බස්නාහිර පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා - අමාත්‍යාංශ ලේකම්

බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි 15 වනදා වනවිට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

ජනවාරි 25 වනදා සිට බස්නාහිර පළාතේ පාසල් 907ක සාමාන්‍ය පෙළ පන්ති පමණක් ආරම්භ කිරීමට දැනටමත් තීරණය කර තිබේ. ඒ, මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙනි.

සෙසු පන්ති ආරම්භ කිරීම පිළිබඳව තීරණය කිරීම සඳහා එක් එක් දිස්ත්‍රික්කවල දිසාපතිවරුන් , ප්‍රාදේශීය ලේකම්වරුන් ප්‍රාදේශීය සංවර්ධන ආයතන සභාපතිවරුන් ඇතුළු සියලු පාර්ශවවල අදහස් විමසා බැලීමෙන් අනතුරුව සෞඛ්‍ය බලධාරීන් සමග ද සාකච්ඡා කර ඔවුන්ගේ නිර්දේශ පෙබරවාරි 10 වනදා වනවිට ලබාගැනීමට ඊයේ (20) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී තීරණය වී ඇත.

ඒ අනුව පෙබරවාරි 15 වනදා විට එම පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කරන්නේ.

(LNW)