Tuesday, February 10, 2026
Follow Us
පානදුර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක් ජල සැපයුම අත්හිටුවයි

පානදුර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට (21) රාත්‍රී 8.00 සිට අනිද්දා (22) අළුයම 4.00 දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

එම මණ්ඩලය සදහන් කළේ පානදුර බෙදාහැරීමේ පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩිදියුනු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.

මෙලෙස ජල සැපයුම අත්හිටවනු ලබන්නේ පානදුර නගර සභා බල ප්‍රදේශය, කෙසෙල්වත්ත හැර ප්‍රාදේශීය සභා සීමාව සහ වාද්දුවේ කොටසකට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.

(Aruna)