Thursday, March 28, 2024
Follow Us
අවිස්සාවේල්ල රෝහලේ වී.ඕ.ජී.ට කොවිඩ්

අවිස්සාවේල්ල රෝහලේ ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇත.

මෙම විශේෂඥ වෛද්‍යවරයා කොළඹ අයි.ඩී.එච්. රෝහලට ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේය.

එසේම වෛද්‍යවරයාගේ නිවසේ සාමාජිකයන් නිරෝධායනය කිරීමට කටයුතු කළ බවද ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවැසීය.

මෙම වෛද්‍යවරයා සමග රෝහලේ කටයුතු කළ පුද්ගලයන් රෝහලේ ඇති නිරෝධායන මධ්‍යස්ථානය තුළම නිරෝධායනය කරන බවට රෝහල් බලධාරීන් දැනුම් දුන් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

(Aruna)