Monday, September 22, 2025
Follow Us
සයිප්‍රසයෙන් ආ ලාංකිකයන්ට නව කොවිඩ් ප්‍රභේදය දැයි සැක

සයිප්‍රස්හි සිට පසුගිය සතියේ රැගෙන ආ විදෙස් ශ්‍රමිකයන් 45 දෙනාට ආසාදනය වී ඇත්තේ නව කොවිඩ් ප්‍රභේදයක්ද යන්න පිළිබඳ පරීක්ෂණ කිරීමට විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් යොදවා ඇත.

පසුගිය සතියේ විදෙස්ගත ශ්‍රමිකයන් 4200ක් මෙරටට ගෙන්වා ඇත. එම පිරිස අතර සයිප්‍රසයේ සිට පැමිණි පුද්ගලයන් 150 දෙනකුගෙන් 45 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.

මෙම විදෙස්ගත ශ්‍රමිකයන්ගේ නිරෝධායන කටයුතු සම්පූර්ණයෙන්ම යුද හමුදාව කරන බවද ඔහු පැවසීය.

එසේම මෙම පැමිණෙන ශ්‍රමිකයන්ගෙන් සමාජයට කොවිඩ් ව්‍යාප්ත නොවන ලෙස කටයුතු කිරීමට වගබලා ගන්නා බවද ඔහු සඳහන් කර සිටී.

(Aruna)