Thursday, April 25, 2024
Follow Us
කොරෝනා වෛරසය තවමත් සමාජගතවෙලා නෑ

කොවිඩ් – 19 වෛරසය සමාජගතවීම පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකය අනුව මෙරට තුළ වෛරසය සමාජගතවී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඊයේ (18) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍යවරයා සදහන් කළේ රෝගීන් හමුවීම සහ රෝගය සමාජගතවීම කාරණා දෙකක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස පැවසීය…..

කොවිඩ් වෛරසය සමාජගතවීම පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යම්කිසි විදිහක නිර්ණායකයක් තියෙනවා එහෙමත් නැතිනම් නිර්වචනයක් තියෙනවා.

ඒ නිර්වචනය කරලා තියෙන්නේ ඒ රෝගය සමාජය තුළ ව්‍යාප්තවීමේ අවධිය අනුව අපි ගත යුතු ක්‍රියාමාර්ග වෙනස් වන නිසා.

ක්‍රියාමාර්ග හදුනාගැනීමේ නිර්නායකයක් විදිහට තමයි ඒ සමාජගතවීම තියෙන්නේ.

පසුගිය ජූලි මාසයෙන් පසු ඔක්තෝබර් මාසය දක්වා අපේ රටේ රෝගීන් වාර්තා වුණේ නෑ.

අපි එතකොට කිව්වා අපේ සමාජයේ රෝගීන් නෑ කියලා.

නමුත් ඒ අවස්ථාවෙත් මම දිගින් දිගටම කිව්වා කොයි මොහොතක හරි අපේ සමාජය තුළ අපි හදුනානොගත්ත අපිට මගහැරිච්ච රෝගියෙක් හරි, රෝගීන් පොකුරක් හරි, පොකුරු කිහිපයක් හරි කොයි මොහොතක හරි අපිට හමුවෙන්න පුළුවන් කියලා.

ඒක තමයි යතාර්ථය.

ඉතිං මේ අවස්ථාවේදි අපිට මේ රෝගීන් හමුවෙනවා.

අපි ජීවත් වෙන්නේ සමාජයක ඉති අපිට මේ සමාජයෙන් රෝගීන් හමුවෙනවා.

සමාජයේ රෝගීන් නෑ කියනවා නම් ඒක වැරදියි.

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනය අනුව අපි තාම රෝගය සමාජගතවීමක් අපි දකින්නේ නෑ.

(Aruna)