Tuesday, February 10, 2026
Follow Us
මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දුට නව තනතුරක්

යුද්ධ හමුදා මූලස්ථානයේ නව අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.

ඒ මහතා අද (18) පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළේය.

මීට ප්‍රථම යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ධූරය හෙබවූ මේජර් ජෙනරල් ප්‍රදීප් ද සිල්වා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු එම ධූරයට පත්විය.

මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු නව අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ලෙස රාජකාරී භාරගැනීමට ප්‍රථම 58 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කළේය.

නව අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලි රාජකාරි භාරගැනීමේ අවස්ථාව සඳහා යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

(Aruna)