Tuesday, February 10, 2026
Follow Us
SAITM ඈවරයි. දෑවරයි?

මාලඹේ දකුණු ආසියානු තාක්‍ෂණ හා වෛද්‍ය ආයතනයේ (SAITM) කළමනාකාරිත්වය විසින් එහි දේපල සහ ඉඩම විකිණීම සඳහා රු. බිලියන 3.5ක වටිනාකමක් සඳහන් කරමින් ඉකුත් 13 වැනිදා වාණිජ දේපල විකිණීම යටතේ වෙබ් අඩවියක දැන්වීමක් පළ කර තිබේ.

SAITM බලධාරීන් සිය ණය පියවීම සඳහා වත්කම් විකුණා දැමීමට සැලසුම් කර ඇති අතර ගොඩනැගිල්ල සහ ඉඩම විකිණීමෙන් පසු වෙනත් ස්ථානයක රෝහලක් ඉදිකිරීමට ආයතනයේ කළමනාකාරිත්වය බලාපොරොත්තු වන බව වාර්තාවේ.

(Lanka Leads)