Tuesday, February 10, 2026
Follow Us
කොරෝනා මඬින්න රටම හුදෙකලා කරන්න ඕන

කොරෝනා වයිරසය මේ වන විට සමාජගත වී ඇති බැවින් රටම එකවර හුදකලා නොකර වයිරසය මර්දනය කළ නොහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මේ වන විට රටේ සෑම ප්‍රදේශයකින්ම රෝගීන් වාර්තා වන බැවින් ගමින් ගමට හෝ ප්‍රදේශයෙන් ප්‍රදේශය හුදකලා කර රෝගය පාලනය කළ නොහැකි බව සංගමයේ සභාපති උපුල් රෝහණ කීය.

(Aruna)