Friday, March 29, 2024
Follow Us
“සිටි බස් ” ගාස්තුව’ සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයක්

පළමු අදියර යටතේ කොළඹ ප්‍රදේශය අවට කාර්යාලවල රාජකාරී සඳහා “සිටි බස්” අධි සුඛෝපභෝගි බස් රථ සේවාව අද (15) ආරම්භවීමට නියමිත බව පැවසේ.

මේ අනුව පළමු අදියර යටතේ කොළඹ අවට කාර්යාලවල රාජකාරී සඳහා ගමන්කරන මගීන් වෙනුවෙන් මාකුඹුර සිට පිටකොටුව දක්වා බස්රථ ධාවනයට නියමිතයි.

සෑම මිනිත්තු 10කට වරක්ම මාර්ග ඔස්සේ ගමන්කරන මෙම බස් රථයක ගාස්තු අයකිරීම සාමාන්‍ය ගාස්තුව මෙන් දෙගුණයක්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහාතාගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවහන මධ්‍යස්ථානයෙන් ආරම්භ කෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංග්ස්ලි රණවක මහතා සඳහන් කරනවා.

මේ අනුව මාකුඹුර සිට පිටකොටුව දක්වාත් පිටකොටුවේ සිට මාකුඹුර දක්වාත් 138 මාර්ගයේ සහ බත්තරමුල්ල ඔස්සේ මෙම සිටි බස් සේවාව අද (15) දිනයේදී ආරම්භ වනවා.

(Aruna)