Tuesday, February 10, 2026
Follow Us
වට්සැප් මෘදුකාංගය සම්බන්ධව ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් අවධානයෙන් සිටිනවා

ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා “ටෘත් විත් චමුදිත” අන්තර්ජාල පුවත් නාලිකාව සමඟ සම්බන්ධ වෙමින් පවසා සිටියේ වට්ස්ඇප් මුදුකාංගය ඉදිරියට භාවිතා කිරීම අනතුරුදායක බවයි.

වට්ස් ඇප් මෘදුකාංගය භාවිතා කරන්නන්ගේ රහස්‍යභාවය සම්පූර්ණයෙන් අහෝසි වන බවත් පුද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම නිරාවණය වන බවත් ඔහු එම නාලිකවට කියා සිටියේය.

එහිදී ඔහු ” ශ්‍රි ලංකා විදුලි සංදේශන නියාමක සභාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිනවා” යනුවෙන් අවධාරණය කළේය.

(Lanka Leads)