Tuesday, September 23, 2025
Follow Us
කොවිඩ්19 වෛරසය ආසාදිතයෙන් මිය ගිය ගණන 251 දක්වා ඉහලට!

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ ඊයේ(14) දිනයේදී තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී තිබෙන බවයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 251ක් දක්වා ඉහළ ගොස් ඇති බව තහවුරු වේ.

මිය්ගිය පුද්ගලයන් වන්නේ දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 72හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 53හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

(Lanka Leads)