Wednesday, April 24, 2024
Follow Us
සංචාරකයන්ට පනවා ඇති කොවිඩ් 19 සෞඛ්‍ය නීති ලිහිල් කිරීමට සූදානමක්

සංචාරකයන්ට ගුවන්තොටුපොලේ දී PCR පරීක්ෂණ සිදුකිරීමෙන් සිදුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් ඒ සම්බන්ධයෙන් ලිහිල් ක්‍රමයක් සැකසීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් ගේ උපදෙස් මත ඒ සඳහා නව ක්‍රමවේදයක් ලෙස තීරණය කර ඇත්තේ ඔවුන් රැඳී සිටින හෝටල් තුළ දී පළමු PCR පරීක්ෂණය සිදු කිරීමටයි.

ඊට පසුව දින 5-7ක් අතර කාලයකදී දෙවෙනි PCR පරීක්‍ෂණය ද ඔවුන් සිටින හෝටලයකදී සිදු කිරීමට අවස්ථාව දී ඇති අතර දින 17කට පසුවත් ඔවුන් මෙරට සංචාරයේ නිරත වන්නේ නම් ඔවුන්ට පනවා ඇති සංචරණ සීමා ඉක්මවා කටයුතු කිරීමට ඉඩ සැලසීමට ද නියමිතව තිබේ.

(Lanka Leads)