Saturday, July 05, 2025
Follow Us
රංජන්ට වෙනම කාමරයක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුවකු වන හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ආරක්ෂා සහිතව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ රඳවා තිබේ.

නිරෝධායන මධ්‍යස්ථානය තුළ වෙනම කාමරයක රඳවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක (කොමසාරිස් පාලන) චන්දන ඒකනායක මහතා සඳහන් කරනවා.

කෙසේ නමුත් පිටතින් ආහාර ලබා ගැනීමට අවසර නොමැති බව සහ බන්ධනාගාරයෙන් සැපයෙන අහාර පමණක් ලබාදෙන බවත් සඳහන් කරනු ලැබුවා. තවද අමුත්තන්ට හමුවීමට අවසර නොමැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත.

එමෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා දින 14 ක කාලයක් එම මධ්‍යස්ථානයේ රඳවා තබා PCR පරීක්ෂණයට ලක්කිරීමෙන් අනතුරුව ලැබෙන ප්‍රතිපලය අනුව බන්ධනාගාරයක් වෙත යොමුකිරීමට නියමිතයි.

(Aruna)