Wednesday, January 20, 2021
Follow Us
දේශීය සහ විදේශීය ගුවන් මගින් පැමිණීමට පෙර අවසර ගතයුතුයි

මෙරටට පැමිණෙන සියලු දේශීය සහ විදේශීය ගුවන් මගින් ලංකාවට පැමිණීමට පෙර විදේශ කටයුතු අමාත්‍යංශයේ හෝ ඒම රටවල පිහිටි ලංකාවේ තානාපති කාර්යාල වලින් අනුමැතිය ලබාගත යුතු බව සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනයක් නිකුත්කර ඇත.

අනුමැතිය ලද මගින් ඒ පිලිබන්දව තොරතුරු සිවිල් ගුවන්සේවා අධිකාරිය වෙත යොමු කළයුතු වනවා.

පසුව ඔවුන් විසින් ගුවන් ටිකට්පත් නිකුත්කිරීම සඳහා ඒ ඒ ගුවන් සේවය වෙත තොරතුරු යැවීම සිදුකරන බව සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කර ඇත.

අනුමැතිය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන ඊ මේල් ලිපිනය භාවිත කළ හැකියි.

(Aruna)