Tuesday, September 23, 2025
Follow Us
දරුවන් පාසල් එවන්න දෙමාපියන් බිය විය යුතු නැහැ

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව පාසල් ආරම්භ කර ඇති බැවින් දෙමාපියන් අනියත බියක් ඇතිකර නොගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිබඳ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පැවසුවාය.

අධ්‍යක්ෂවරිය මේ බව සඳහන් කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.

වෛද්‍යවරිය පෙන්වා දෙන්නේ දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය වගකීමෙන් කටයුතු කරන බවයි.

පාසල්වලට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියලුම පළාත්වලට යවා ඇති බවද ඇය කීවාය.

එමෙන්ම බස්නාහිර පළාතේ පදිංචි ගුරුවරුන් වෙනත් පළාතක පාසලක සේවය කරනවා නම්, ඔවුන් ගෙන්වා ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීමේ බලය විදුහල්පතිවරයා සතු බවද වෛද්‍යවරිය ප්‍රකාශ කළාය.

(Aruna)