Tuesday, September 23, 2025
Follow Us
මුස්ලිම් නීතිඥවරුන් පිරිසක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස බඳවා ගැනීමට අමාත්‍යය අලි සබ්‍රි මහතාගෙන් යෝජනාවක්

දෙමළ භාෂාව කථාකිරීමට හැකිවීම විශේෂ සුදුසුකමක් ලෙස සලකා ශ්‍රී ලංකාවේ පොලිසියට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥවරුන් බඳවා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යය අලි සබ්‍රි මහතා විසින් යෝජනාවක් ඉදිරිපත්කොට ඇති බව වාර්තාවේ. ඒ අනුව එසේ බඳවා ගැනීමට නියමිත නිළධාරීන් 150න් බහුතරය මුස්ලිම් ජාතික නීතිඥවරුන් වන බවට නීති අංශවල කථා බහට ලක්වන බවද වාර්තාවේ.

ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ එක් නීතිඥවරයෙක් සඳහන් කළේ එසේ එක් භාෂාවක් දැන ගැනීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකීම මගින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවයි. එහිදී රටේ පළමු භාෂාව වන සිංහල භාෂාව කථා කිරීම මූලික සුදුසුකමක් විය යුතු බවත් සෙසු භාෂා පිළිබඳව දැනුම බඳවා ගැනීමෙන් පසුව ලබා දිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

සාමාන්‍යය බඳවා ගැනීමේ සහ උසස් වීම් පටි පාටි අනුව දෙවන භාෂාව සුදුසුකමක් වන්නේ ස්ථිර කිරීම සහ උසස්වීම් සඳහා මිස බඳවා ගැනීමේදී නොවන බවද ඔහු සඳහන් කරයි. මෙසේ භාෂා කොන්දේසියක් පැනවීම මගින් යම් තෝරාගත් පිරිසක් පොලිසියට බඳවා ගැනීමට ඉඩ ලැබෙන බවද ඔහු අවධාරණය කර සිටියි.

(Lanka Leads)