Tuesday, September 23, 2025
Follow Us
යාපනය විශ්ව විද්‍යාලයේ කඩා දැමුණු ස්මාරකය වෙනුවට “සාමයේ කුළුණ”නමින් වෙනත් කුළුණක්

යාපනය විශ්වවිද්‍යාල උපකුලපති එස්. ශ්‍රී සත්ගුණරාජා මහතාගේ නියෝගයෙන් විශ්වවිද්‍යාලයේ ඉදිකොට තිබූ යුද සැමරුම් ස්මාරකය කඩා ඉවත් කිරීමට විරෝධය පා සරසවි සිසුන් පිරිසක් විසින් ආරම්භ කොට තිබූ මාරාන්තික උපවසාය සාකච්ඡාවකින් අනතුරුව අද (11) උදෑසන අවසන් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.

අද (11) අලුයම උපකුලපති ශ්‍රී සත්ගුණරාජා මහතා විසින් මාරාන්තික උපවසායේ නිරත සිසුන් පිරිස හමු වී යුද ස්මාරකය කඩා ඉවත් කරන ලද ස්ථානයේ නැවත ස්මාරකයක් ඉදිකිරන දෙන බවට පොරොන්දු වී ඇති අතර ඒ අනුව මාරාන්තික උපවාසය අවසන් කිරීමට සිසුන් විසින් පියවර ගෙන තිබූ බව වාර්තාවේ.

උපකුලපති ශ්‍රී සත්ගුණරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් සරසවි සිසුන් පිරිසක් විසින් කඩාදැමුනු යුද ස්මාරකය ස්ථානයටම ගොස් එම ස්ථානයේදීම නව සැමරුම් ස්මාරකයක් වෙනුවෙන් මුල්ගල තැබීමටද කටයුතු කළ බව වර්තාවේ.

කෙසේ වෙතත් අද (11) දින මුල්ගල තැබුනු ස්මාරකය ඉදිරියේදී සාමයේ කුලුණ ලෙසින් හැඳින්වීමට නියමිත බවද යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයෙකු පැවසූ බව වාර්තාවේ.

(Lanka LEads)