Tuesday, February 10, 2026
Follow Us
නැගෙනහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් තිස් දෙකක් හැර සෙසු සියලු පාසල් ආරම්භ කෙරේ

කොවිඩ් -19 නිසා නැගෙනහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් තිස් දෙකක් හැර සෙසු සියලු පාසල් හෙට දිනයේ ආරම්භ කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

ඒ අනුව කාත්තන්කුඩි ප්‍රදේශයේ පාසල් 25ක්, කල්මුණේ ප්‍රදේශයේ පාසල් පහක්, තිරුක්කෝවිල් ප්‍රදේශයේ එක් පාසලක් සහ අම්පාර කලාපයේ එක් පාසලක් මෙසේ තවදුරටත් වසා තබනු ඇත.

ආණ්ඩුකාරවරිය සමග පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වරයා සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

(news.lk)