Tuesday, February 10, 2026
Follow Us
තවත් ශී‍්‍ර ලාංකිකයින් 511ක් දිවයිනට

විදෙස්ගතව සිට තවත් 511 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. ඉන් වැඩිම පිරිස පැමිණ ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්. එම පිරිසට පුද්ගලයින් 340 දෙනෙක් අයත්. ඉන්දියාවේ සිට පුද්ගලයින් 45 දෙනෙකු සහ කටාර් සිට පුද්ගලයින් 127 දෙනෙකු ඒ අතර වන බවයි කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

මෙලෙස දිවයිනට පැමිණි පිරිස ති‍්‍රවිද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමට නියමිතයි. ති‍්‍රවිධ හමුදාව මගින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 73ක් තුළ පුද්ගලයින් 5,684 දෙනෙකු මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙන බවයි කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසුවේ.

(neth)