Tuesday, February 10, 2026
Follow Us
විදේශයන්හි විවිධ හිරහැරවලට ලක්වූ ශී‍්‍ර ලාංකිකයින් පිරිසක් දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස්, එහිදී තම හාම්පුතුන් අතින් විවිධ කරදර හා හිරිහැරවලට ලක් වූ ශ‍්‍රී ලාංකිකයන් 300 දෙනෙකු අද අලූයම දිවයිනට රැගෙන විත් තිබෙනවා.

ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා පැවසුවේ විශේෂ ගුවන් යානා 02 කින් මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බවයි. ඔවුන් පී සී ආර් පරීක්ෂණ සදහා ලක් කිරීමෙන් පසුව, නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය බවයි කටුනායක ගුවන් තොටුපොළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

(Neth)