Tuesday, February 10, 2026
Follow Us
දඩ මුදල් පියවීමට නොහැකි සියලු සිරකරුවන්ට ජනපති සමාව

දඩ මුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාර ගතව සිටින සියලු සිරකරුවන් ජනාධිපතිවරයා විසින් විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

බන්ධනාගාර ආශ්‍රිතව ඇතිවී තිබෙන කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පිළිබඳව සැලකිල්ලට ගනිමින් ඇතිවී තිබෙන තදබදය අවම කිරීම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණයක් අනුව මෙම පිරිසට ජනාධිපතිවරයාගේ විශේෂ සමාව හිමිවූ බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ අනුව එම සිරකරුවන්ට අද (09) දිනයේ දීම නිදහස හිමිවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක ප්‍රකාශ කර සිටියේ.

(Neth)