Tuesday, February 10, 2026
Follow Us
යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට දැඩි නොසුන්සුන්කාරී තත්ත්වයක්

යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඊයේ (08) දින රාත්‍රියේ දැඩි නොසුන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, විශ්වවිද්‍යාල සිසුන්, දේශපාලන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එලෙස නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බවය.

යාපනය විශ්වවිද්‍යාලය පරිශ්‍රය තුළ‍ පිහිටි මුල්ලි වයික්කාල් සැමරුම් ස්මාරකය බැකෝ යන්ත්‍රයක් යොදා ඉවත් කිරීමේ සිදුවීමක් මුල්කරගනිමින් මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා තිබූ බව “අද දෙරණ වාර්තාකරු“ සඳහන් කළේය.

යුද්ධය නිමා වී දස වසරක් ගතවීම නිමිත්තෙන් මෙම ස්මාරකය විශ්වවිද්‍යාල සිසුන් විසින් ඉදිකර තිබුණි.

(දෙරණ පුවත් ඇසුරිනි)