Tuesday, September 23, 2025
Follow Us
දේශීය ආහාර භාවිතයට ගන්නේ නම් ඕනෑම වෛරසයකින් ආරක්ෂා වෙන්න පුලුවන්

බෝවෙන, බෝ නොවෙන රෝග දෙකෙන්ම බේරෙන්න ඕනේ නම් පාරම්පරික දේශීය ආහාර සංස්කෘතියකට යන්න ඕනේ. මී පැණි කියන්නේ ලෝකෙ තියෙන හොඳම ආහාරය.


කොවිඩ් කියන්නේ බෝවෙන රෝගයක්. යනුවෙන් ගාල්ල, පිලාන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළේය.

“ධම්මික පැණියට බනිනවා. ඒකෙත් තියෙන්නේ මී පැණි නේ. මගෙන් අහනවා බිව්වට කමක් නැද්ද කියලා. මී පැණිනම් බිව්වට කමක් නෑ. නවසීලන්තයේ මී පැණි හදන්නේ මල් තුනකින්. මෙහෙ එක මී මැස්සෙක් පැණි හදන්න මල් 595කින් ගන්නවා. මේ මී පැණි ලෝකයේ ඉහළම මී පැණි.

ලංකාවේ අවශ්‍යතාවයෙන් සියයට 5යි මී පැණි තියෙන්නේ. සිංහල වෙදකමට මී පැණි පිටරටින් ගේනවා. කොස්, පොළොස් වගා කරන්න ඕනේ. ඒක වගා කරගත්තොත් 2024 එනවා කියන ඊළඟ වෛරස් එකත් අපිට ප්‍රශ්නයක් නෑ.“

දේශීය ආහාර භාවිතයට ගන්නේ නම් ඕනෑම වෛරසයකින් ආරක්ෂා වීමට හැකියාව ලැබෙනු ඇති බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වැඩිදුරටත් පැවසීය.

(Lanka Leads)