Tuesday, September 23, 2025
Follow Us
සමථ මණ්ඩල කටයුතු යලි ඇරඹේ

තාවකාලිකව අත්හිටුවා තිබූ සමථ මණ්ඩල කටයුතු යලි ඇරඹීමට තීරණය කර ඇත. මේ අනුව හෙට (09) සිට යලි ඇරඹීමට කටයුතු කර ඇති බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කරනවා.

කොවිඩ් දෙවන රැල්ල ඇරඹීමත් සමග සමථ මණ්ඩල කටයුතු වල පැමිණිලි විභාග කිරීම පසුගිය සැප්තැම්බර් මස සිට නතර කර තිබුණා.

කෙසේ වෙතත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රිමවේදයන්ට අනුව අවදානම් කලාප හැර සෙසු ප්‍රදේශවල සමථ මණ්ඩල කටයුතු ආරම්භ කිරීමට “සමථ මණ්ඩල කොමිෂන් සභාව” පියවර ගෙන ඇත.

තවද සෞඛ්‍යාරක්ෂිත ක්‍රිමවේදයන්ට අනුව පැමිණිලි විභාග කිරීම සහ කටයුතු පවත්වාගෙන යාම පිළිබඳව සමථ නිලධාරින්ට හා දිවයින පුරා සමථ මණ්ඩල සභිකයින්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව සමථ මණ්ඩල කොමිෂන් සභාව සඳහන් කරනවා.

(Aruna)