Tuesday, September 23, 2025
Follow Us
ධනපාල පැණිය බිව් කෑගල්ලේ පවුලක්ම පොසිටිව්

කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ධම්මික පැණිය පානය කළ තවත් පිරිසකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. කෑගල්ල මගුරුදෙනිය ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙකුට වෛසරය ආසාදනය වී ඇති බව පසුගිය 06 වැනිදා තහවුරු වී තිබේ.

කෑගල්ල මහ රෝහලේදී මෙම පවුලේ සාමාජිකයන් පීසීආර් පරීක්ෂණය සඳහා භාජනය කර ඇති අතර එහිදී අනාවරණය වී තිබෙන්නේ ඔවුන්ගෙන් තිදෙනෙකු වෛරස ආසාදිතයන් බවයි.

ධම්මික බණ්ඩාර මහතා මෙම නිවසට පැමිණ ධනපාල පැණිය ලබා දී ඇති අතර නිවැසියන් සියලු දෙනා නියමිත මාත්‍රාවට නියමිත උපදෙස් අනුව එම පැණිය භාවිතා කර ඇති බවයි වාර්තා වන්නේ. මීට පෙරද ධම්මික පැණිය භාවිතා කළ කිහිප දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබිණි.

ධම්මික බණ්ඩාර මහතා මෙම පැණිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකටද ලබාදුන්නේය. ඒ අතර සිටි බතික් ඇමති දයාසිරි ජයසේකර මහතාද කොවිඩ් ආසාදිතයෙකු බව මේ වනවිට තහවුරු කරගෙන තිබේ.

(LNW)